Achievements
15900
page-template-default,page,page-id-15900, ,bridge-core-1.0.5,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-18.1,qode-theme-bridge,qode_header_in_grid,wpb-js-composer js-comp-ver-6.0.2,vc_responsive
 

Achievements

රන් පදක්කම සහ World Star කිරුල මෙවරත්

අප පාසලේ ගණිත ඔලිම්පියාඩ් ඉතිහාසය නැවතත් අලුත් කරමින් හොංකොංහි පැවති ලෝක ගණිත ඔලිම්පියාඩ් ද්වීතීයික I කාණ්ඩයේ රන් පදක්කම සහ World Star කිරුල මෙවරත් දිනා ගැනීමට 7A ශ්‍රේණියේ රෙහාන් ආදිත්‍ය සමත් වෙයි.
මෙවර එම තරගාවලිය online ක්‍රමයට පැවැත් විය.
මෙහිදී ජ්‍යෙෂ්ඨ ද්වීතීයික අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට 10A ශ්‍රේණියේ විනුදි දිනාරා සමත් විය.

අපගේ උණුසුම් සුභ පැතුම්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා සහ මානව ශාස්ත්‍ර සිංහල භාෂා ඒකකය විසින් සංවිධානය කරන ලද සිංහල භාෂාව සහ සාහිත්‍ය තරගාවලියේ සමස්ත ලංකා අත් අකුරු සහ භාෂාවේ ශිල්පීය ක්‍රම ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට 7 ශ්‍රේණියේ දුලීකා හන්සනී සහ 9 වන ශ්‍රේණියේ R.K. වීරසිංහ සිසු දැරියන් දෙදෙනා සමත් විය

අන්තර් පාසල් රසායන විද්‍යා දැනුම මිනුම තරගාවලියේ දෙවන හා තෙවන ස්ථාන

Institute of Chemistry Ceylon ආයතනය මගින් සංවිධානය කරන ලද අන්තර් පාසල් රසායන විද්‍යා දැනුම මිනුම තරගාවලියේ දෙවන හා තෙවන ස්ථාන දිනාගත් අප පාසලේ ජීව විද්‍යා අංශයේ නෙත්මින පූජන සහ මිසල් ලක්දිනු සිසුන් හට අපගේ උණුසුම් සුභ පැතුම්.

Gateway ජාත්‍යන්තර robotic තරගාවලිය

Gateway ජාත්‍යන්තර robotic තරගාවලියේදී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ සිසු දරුවන් කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදී. ඔබ සැමට සුභ පැතුම්

ඌව පළාත් සාහිත්‍ය උළෙල

ඌව පළාත් සාහිත්‍ය උළෙලේ දස්කම් පෑ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලීය සිසු දරුවන්

-මධුෂාන් සත්සර -කෙටිකතා අංශය (දෙවන ස්ථානය)

– මහරූෆ් මුර්ශිදා -චිත්‍ර (2වන ස්ථානය )

-පංචලී පූර්ණිමා- පද්‍ය ගායනා (ප්‍රථම ස්ථානය )

-සිතිජ සඳරූ- කථික (ප්‍රථම ස්ථානය)

– සජිත තිවංක- කථික (පස්වන ස්ථානය)

-දිමන්ත දිනේෂ්වර -පද්‍ය රචනා (ප්‍රථම ස්ථානය)

-භාශිත බිමල්ශාන් – ජන කවි ගායනා (පස් වන ස්ථානය )

-නිර්වාණ උමයංග- කෙටි කතාව (ප්‍රථම ස්ථානය)

-ඒශානි නෙතුමිණී -කථික (දෙවන ස්ථානය)

-නිශාලි ෂෙහාරා -චිත්‍ර (ප්‍රථම ස්ථානය )

-දැහැමි මන්දිරා -චිත්‍ර (තෙවන ස්ථානය

බාලදක්ෂිකා පදක්කම්විය

2018/2019 ජනාධිපති බාලදක්ෂිකා පදක්කම් ලද 12 ශ්‍රේණියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සත්සරණි පබෝදා සහ ප්‍රභාෂිණී ලෝචනා සිසු දැරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්

පුංචි වීරයා රෙහාන් ආදිත්‍ය පුතණුවන් දැක්වූ දස්කම් මෙලෙස ඇගයීමට පාත්‍ර විය

බදුල්ල පුස්තකාල බලමණ්ඩලය මගින් සංවිධානය කරනලද බදුලු පොත් වසන්තය පොත් ප්‍රදර්ශනයේදී අප පාසලේ පුංචි වීරයා රෙහාන් ආදිත්‍ය පුතණුවන් දැක්වූ දස්කම් මෙලෙස ඇගයීමට පාත්‍ර විය.

ඔලිම්පියාඩ් තරගයේ රන්,රිදී පදක්කම් දිනාගත් සිසුන්

පසුගිය වසරේ ජාතික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගයේ රන්,රිදී පදක්කම් දිනාගත් සිසුන්

සමස්ත ලංකා Robotic තරගාවලියේදී ප්‍රථම ස්ථානය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා Robotic තරගාවලියේදී ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට බදුල්ල මැදි මහ විද්‍යාලයේ සිසුන් සමත් වෙයි .විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්

Our Little World Champion!

Rehan Adhithya Weerakoon of Grade 06 from Badulla Central College became the Champion of World International Mathematical Olympiad (WIMO) @ Tokyo Japan today.
Young Centralian : You marked the name of our Alma Mater again internationally.
Really proud of you & our Alma Mater

ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියකදී විශිෂ්ඨ දස්කම් දැක්වූ රෙහාන්

අප පාසල නියෝජනය කරමින් ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියකදී විශිෂ්ඨ දස්කම් දැක්වූ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රෙහාන් ආදිත්‍ය එම තරගාවලියට සහභාගී වූ දිවයිනේ අනෙක් පාසල්වල සිසුසිසුවියන් සමග අධ්‍යාපන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මුණගැසුනු අවස්තාව.

Aurora නව නිපයුම් 2019

කොළඹ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Aurora නව නිපයුම් 2019 ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් විද්‍යාලීය නව නිපැයුම් සමාජයේ සිසු දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්

The Best 12 Players In All Island.

Congratulations Themiya for selecting for the Airtel Faster Bowlers Competition
Our under 19 Talant player Themiya Manusha Selected To The Best 12 Players In All Island.

Best 12 Players

ලැප්ටොප් පරිගණක 298

ඊයේ දිනයේදී ඌව පළාතේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල ලබාගත් දුවා දරුවන්ට දුවාදරුවන්ට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලැප්ටොප් පරිගණක 298 බෙදා දෙන ලදී.මෙහිදී අප පාසලේ සිසුන් පනස් හතර දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක හිමිවිය.

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගය 2019

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ශාඛාව සිංහල ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගය 2019 තරගයට සහභාගි වූ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන DM සිතිජ සදරු හා සජිත තිවංක සිසුන් දෙදෙනා කතික අංශයේ තෙවන හා සවැනි ස්ථානය දිනා ගන්නා ලදී.

Congratulations to our little hero

who took our alma mater’s name in global grounds.Rehan Adithya Weerakoon won the world star prize & the Gold medal which enables him to participate WIMO (Worlds International Mathematical Olympiad Competition )in Tokyo, Japan scheduled to be held during 27-30, December 2019 and a free ticket to HKIMO finals in Hong Kong 2020.