events gallery
15913
page-template-default,page,page-id-15913, ,bridge-core-1.0.5,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-18.1,qode-theme-bridge,qode_header_in_grid,wpb-js-composer js-comp-ver-6.0.2,vc_responsive
 

events gallery

blood donation program

2020-03-26 :- Highlights of the blood donation program.

soft skills program

2020-03-06 :- A soft skills program organized by the slim business school and the bike association was held at our school at our school. A lot of school students also participated in this.

72 වන නිදහස් දින සැමරුම

72 වන නිදහස් දින සැමරුම හා සමගාමීව පැවති රුක් රෝපණ වැඩසටහන

ආපන ශාලාව කිරි උතුරවා අද දිනයේදී විවෘත කරන ලදී

කනිෂ්ඨ ද්වීතික අංශයේ අභිනවයෙන් ඉදිකරන ලද ආපන ශාලාව කිරි උතුරවා අද දිනයේදී විවෘත කරන ලදී .මෙම ආපන ශාලාව නුදුරු දිනයකදීම සිසු අයිතියට පත් වනවා ඇත

අපේ ඉස්කෝලෙ ආදරණීය පවුලට අද අලුත් පැටවු ටිකක් එකතු උනා

6 වසරට. අලුත් තැනක්.අලුත් මූණු ගොඩක්.හැබැයි ඒ කාටවත් තනිකමක් දැනුනෙ නෑ.මොකද එයාලව ඉස්කෝලෙ අයියලා අක්කලා ආදරයෙන් පිලිගත්ත හන්ද. අයියාලා අක්කලාගෙ නැටුම් ගැයුම් මැද ඒ හැමෝටම පුංචි බලාපොරොත්තුවක් හම්බ උනා. ඒ අපේ ආදරණීය මව් තුරුලේ ඉදන් අපේ ඉස්කෝලෙ නාමය දෙස් විදෙස් වල බබලවන්න ඕනෙ කියන හිතුවිල්ල. ඉතිං පුංචි දුවේ පුතේ.අපි ඔයාලව ආදරයෙන් පිලිගන්නවා. ඔයාලා හැමෝටම සුභ අනාගතයක්.

උපහාර පිදීමේ වැඩ සටහන

ඇදිරිදු හරසර යන මැයින් බදුලු මැදි මව්තුරුලේම සිප් සතර හැදෑරූ ආදිශිෂ්‍ය කැල මෙ වර අපොස උසස් පෙළ විභාගයේදී අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත් සිසු දරුවන් සහ ඔවුන්ට ඉගැන්වීම් කටයුතු කළ අප පාසලේ හය වසර සිට 13 වසර දක්වා ඉගැන්වීම් කරන ඇදුරු මණ්ඩලයේ සියලුම දෙනාට උපහාර පිදීමේ වැඩ සටහනක් ජනවාරි මස 14 වන දින බදුල්ල රිවර් සයිඩ් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමන් වන මහාචාර්ය ජයන්ත ලාල් චන්ද්‍රසිරි මහතා සහභාගී විනි. එදින රාත්‍රි භෝජනය ද ආදි සිසුන් ගේ පරිත්‍යාගයන් සිදු විය . මේ සඳහා දායක වූ ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය .

දෙමාපිය රැස්වීම් සහ ප්‍රගති වාර්තා පොත් බෙදාදීම

වාණිජ අංශය සහ කලා අංශයේ දෙමාපිය රැස්වීම් සහ ප්‍රගති වාර්තා පොත් බෙදාදීම බෙදා දීම අද දිනයේ දී විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී සිදු විය

වසරේ පළමු ගුරු රැස්වීම

Annual Gettogether 2019

 

Riverside Hotel

විශේෂ පිරිත් දේශනාව හා ආශීර්වාද පූජාව

 

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පසු ගිය දින පාසලේ දී පැවැත්වුණු විශේෂ පිරිත් දේශනාව හා ආශීර්වාද පූජාවේ විශේෂ අවස්ථා

ගුරුවරුන් ගෙ සුහද හමුව

 

වර්ශ අවසානයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද ගුරුවරුන් ගෙ සුහද හමුවේ විශේෂ අවස්ථා

ගණිත අංශය විසින් සංවිධානය කරන ලද ගුරු දිනය

 

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශය විසින් සංවිධානය කරන ලද ගුරු දිනය2019 ඔක්තෝබර් මස 10 වැනි දින විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

ගුරු දින සැමරුම

 

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ගුරු දින සැමරුම අද දින කොට්ටම්බා ගහ යට දී පැවැත් විණි.මෙහි දී පසුගිය වර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී අප පාසලේ ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් ඇප කැප කැප වූ ඇඳුරු මඩුල්ල විදුහල්පතිතුමා අතින් සම්මානයට පාත්‍ර විය. තවද ශිෂ්‍ය නායක මණ්ඩල විසින් ගුරුවරුන් සියලු දෙනාටම සමරු ඵලක පිළිගන්වන ලදී .

ලෝක ළමා දින සැමරුම

 

ඔක්තෝබර් පලවෙනිදාට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් අප පාසලේ 6-7 සිසුන් විසින් සංවිධානය කරනු ලැබූ ළමා දින සැමරුම අප විද්‍යාල්යීය ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. ප්‍රියන්ති ගුරුමෑණියන්ගේ සංකල්පනාවකට අනුව සංවිධානය වූ මෙම අවස්තාව සදහා එම අංශයේ සියලුම ගුරුවරුද සහභාගී විය.

ජර්මන් සහයෝගිතා පදනම විසින් සංවිධානය කරන ලද චිත්‍ර වැඩමුලුව

First administrative meeting

First administrative meeting for the year 2019 3rd term held today. Provincial Education director R.M.P Rathnayaka, Zonal Education Director Mr R.M Premadasa , Secretary of Uva provincial Education Ministry Mrs.Sandya Ambanwela has been participated as chief guests . Rehan Adithya has been awarded with the medals that he won from HKIMO Olympiad contest at the presence of all the students.

ක්‍රීඩාංගනය පුළුල් කිරීම

අප පාසලේ ක්‍රීඩා අංගණයෙහි පැති බැම්ම ඉදි කර ක්‍රීඩාංගනය පුළුල් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා මුල් ගල් තැබීමේ අවස්ථාව පසු ගිය දින පාසලේ දී පැවැත්විණි .ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මේ සදහා වෙන් කරනු ලැබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දුන් අතර සහභාගී වූ අප පාසලේ ආදි ශිෂ්‍ය හරින් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ගයාන් ඕවිටිගල මහතා හා සුගතදාස ක්‍රීඩාංගනයේ නාලක ගුණතිලක මහතාටද අපගේ ගෞරවණීය ස්තූතිය